මිනිස් වර්ගයා අවුරුදු දහස් ගණනකට පෙර සිටම තමන්ගේ ලිංගික ජීවිතය තෘප්තිමත් කර ගැනීමට විවිධ ක්රම අත්හදා බලනු ලැබීය. මෙහි ප්රතිඵලයක් ලෙස ඔවුන් තමන්ගේ ලිංගික ජීවිතය තව තවත් නැවුම්ව සහ ක්රියාකාරීව තබා ගැනීමට උපකාරී වන විවිධ ආහාර පාන ගැන සොයා බලන්නට උනන්දු වුනා.
වර්ථමානයේ වෛද්ය පරීක්ෂකයන් මනුෂ්යයන්ගේ ලිංගික ආශාව වැඩිකරන, වැඩි වේලාවක් ලිංගික සක්රීයභාවය පවත්වා ගත හැකි සහ සමස්ථ ලිංගික තෘප්තිය වැඩිකරන යම් යම් ආහාර වල අඩංගු පෝෂක සංඝටක ගැන පරීක්ෂණ පවත්වමින් සිටිනවා.දැනට පවතින නිගමනයන් අනුව අපගේ සාමාන්ය සෞඛ්යයට බලපාන සාමාන්ය සෞඛ්යයටත් හිතකර වන සාධක ලිංගික සෞඛ්යය කෙරෙහිත් ඒ් ආකාරයටම බලපාන බව තමයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.
පර්යේෂකයින් පෙන්වා දෙන අන්දමට දියවැඩියාව, අධික රුධිර පීඩනය රුධිරයේ කොලස්ටරෝල් අධික බව හා හෘද්යාබාධ වලින් වැලකීමට සමත් ආහාර රටාව නිසැකයෙන් ඔබගේ ලිංගික ජීවිතයටද හිතකර ලෙස බලපානු ලබයි.
ඒමෙන්ම දැනටමත් ඒම රෝග වැලදුනු ඒහෙත් ඉන් පසු සෞඛ්ය සම්පන්න ආහාර රටාවකට පසුව හුරුවූ පුද්ගලයන් අතරත් මෙම ලිංගික බෙලහීනතාවයන්හි ප්රවනතාවය සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව පරීක්ෂන වලින් පෙන්වා දී ඇත.
මෙලෙස කෙනෙකුගේ ලිංගික ජීවිතයට හිතකර වන ආහාර වර්ග පොදුවේ ඇප්ර්රෝඩිසියැක්ස් (aphrodisiac) නමින් හදුන්වයි. ඒම වචනය බිදී පැමින ඇත්තේ ලිංගිකත්වයට අධිපති ග්රීක දෙවගනකගේ නම වන ඇප්ර්රෝඩයිට් (Aphrodite) යන වචනයෙනි.
පොදුවේ ගත් කල ලිංගික ශක්තිය වැඩිකර ආහාර වර්ග වල ඇත්තේ මිනිස් සිරුරේ රුධිර සංසරණය වැඩිකරන මූලද්රව්ය, ප්රති ඔක්සිකාරක ගුණ සහිත මූලද්රව්ය (Anti-oxidants) හෝ ගැහැණු පිරිමි දෙපාර්ශවයම ලිංගික ආශාව පාලනය කරන ටෙස්ටෙස්ටෙරෝන් නැමැති හෝමෝනය ශ්රාවය උත්තේජනය කරන සංඝටක වේ.
රුධිරයේ ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනය වැඩිකිරීමට සින්ක් (Zinc) නැමැති මූලද්රව්යයෙන් විශාල බලපෑමක් ඇති කරයි.
සින්ක් බහුල ආහාර ලෙස
• ඉස්සන්, කකුලුවන්, මුහුදු බෙල්ලන්
• මස් වර්ග සහ මාලු වර්ග
• ධාන්ය වර්ග/ ඇට වර්ග (රටකජු, වට්ටක්කා ඇට)
හැදින්විය හැක.
මීට අමතරව ස්වාභාවිකව රුධිරගත ටෙස්ටෙස්ටෙරෝන් වැඩිකිරීමට අශ්වගන්ධ සහ Tribulus Terrestns වැනි ශාක සංඝටක උදව් වන බව සොයා ගෙන තිබේ.
මීිට අමතරව ප්රති ඔක්සිකාරක ගුණ සහිත (Anti-Oxidants) Vitamin C සහ E ආහාර ලෙස පැගිරි කුලයේ පළතුරු, අලිගැට පේර වැනි පලතුරු හැදින්විය හැක.
මීට සමාන ප්රති ඔක්සිකාරක ගුණ විශේෂයෙන් Maca root (මුල්) වල පවතින බව විද්යත්මකව සොයාගෙන ඇත.
පරිමින්ගේ ශිෂ්ණය ප්රාණවත් වීම සහ කාන්තාවන්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට ලිංගික ප්රදේශයට රුධිරය ගලා ඒ්ම වැඩිවීම සෘජුවම බලපායි.
මෙම රුධිර නාල විස්තාරණය කර රුධිර ගමන වැඩිකිරීමට බොහෝ විට දායක වන්නේ Nitric oxide යන වායුවයි. මෙම නයිට්රක් ඔක්සයිඩ් වායුව ශරීරය තුල ස්වභාවිකව විමෝචනයට දායක වන ප්රධාන සංඝටක 2ක් ලෙස Arginine සහ Citrulline (ආර්ගීනින් සහ සෙට්ර්ලින් ) හැදින්විය හැක. මෙම සංඝටක බහුල ආහාර ලෙස බීට්රෑට්, කොමඩු, බිත්තර හදුන්වා දිය හැක.
ඊට අමතරව Ginseng සහ Yohimbine යන ශාක සංඝටකත් ලිංගික ප්රදේශයට රුධිර සංසරණය වැඩිකිරීමට වගේම ශරීර ශක්තිය වර්ධනය කිරීමට උපකාරීවේ.
දැනට ලංකාවේ සාම්ප්රදායිකව ඒන මතයක් ලෙස විවිධ ආහාර වර්ගත් (උදා- වැල්පෙනෙල, දූරියන්) මේ ලිංගික ආශාව වැඩිකර ආහාර ලෙස මතයන් පවතී.
කෙසේ වෙතත් මේ ආහාර පිළිබදව විද්යත්මක පරීක්ෂණ සිදුකර නැති නිසා ඒ් දේවල් තහවුරු කිරීමේ ගැටළු පවතී.
උපුටාගැනීමකි
0 Comments